දවස 11 - යුලාරා - වෝබටන් [කි. මී. 560)]
අපි යුලාරා වලින් පිටත් වුනේ අහස අමුතු පාටක් පෙන්වපු හිමිදිරියේ.
අද ගමන වැඩි හරියක් බස් එකේ - ජනෙලෙන් තමා ලෝකේ බලන්න වෙන්නේ. වියළි කාන්තාරේ ගහ කොළ තමා දකින්න තියෙන්නේ [එහෙම කිව්වට අපි කීප සැරයක් නැවැත්තුවා - යන ගමන් අන්තිම වරටත් ඌලුරූ දිහාත් බලාගෙන ගියා]
'ලැසටර්ගෙ ගුහාව' [Lasseter's Cave] තමා අපේ පළමු නැවතීම. හැරල්ඩ් ලැසටර් 1920 ගණන් වල රත්රන් සොයා යන්නෙක් (gold prospector). සමහරු කිව්වේ මිනිහා බොරු වංචාකාරයෙක් කියලා. උතුරු රාෂ්ට්රයයි බටහිර ඔස්ට්‍රේලියාව අතර මායිමට (NT/WA border] කිට්ටුව විශාල් රත්රන් ඉල්ලමක් හමුවූ බව කියමින් ඔහු ව්‍යාපාරික මුදල් යොදන්නොත් සමග ඉල්ලමට මග පෙන්වන්න ගියා. අනික් අයත් සමග රන්ඩුවී තනිවුන ඔහු මාසයක් පමණ මේ ගුහාවේ ජීවත්වුනා. අන්තිමට ඔහු කාන්තාරෙම මිය ගියා. ඒ රත්රන් කිසි කෙනෙකුත් තවමත් සොයාගන්න බැරිවෙලා තියෙනවා.
මට මෙතන වඩාම ආකර්ෂණීය ලෙස පෙනුනේ පළල් ගඟත් (වතුර නැති) එහි වැවුන විශාල ගසුත්.
... එක ගහක් යට මාග් ඉන්නවා දැක්කා...
බටහිර ඔස්ට්‍රේලියා මායිමට එනතුරුත් වියළි කාන්තාර ගහකොළ පමණයි.
අපි හිතුවේ පාරේ අනික් පැත්තේ තිබුන නාම පුවරුව වඩා ලස්සනයි කියලා!
පහත පුවරුවේ පෙන්වූ අපිට අගදී හමුවන 'නගර' වලින් වරකුර්නා ගිමන්හල (Warakurna Roadhouse) අපේ පළමු නවතන තැනයි (දවල් කෑම). ඉන් පසු වෝබටන් ගිමන්හල (Warburton Roadhouse) අද රෑට, ලේවටන් (Laverton) හෙට රෑට, සහ කැල්ගූලි (Kalgoorlie) අනිද්දා රෑට. ඊට පස්සේ කෙලින්ම ගමන අවසාන පර්ත් නගරයට!
වරකුර්නා ගිමන්හල කුඩා එකක් - ආදිවාසීන්ට කිට්ටු තැනක්.
වෝබටන් යන්න ඉස්සර අපි මගදී තවත් තැනක නැවැත්තුවා (වැසිකිලි නැවතුමක් - එතන වැසිකිලි නොතිබුනාට). ඉන් පස්සේ වෝබටන්.
No comments:
Post a Comment