Tuesday, 14 June 2022

 දවස 01 -  කෑන්ස් - මවුන්ට් සප්‍රයිස් [කි.මී. 325]

කෑන්ස් වලින් අපි පිටත්වුනේ උදේ 8.00ට. අපි ගිය සීට් 24 බස් එකේ තමා මීලඟ සති දෙක ගෙවෙන්නේ.


අපි කෑන්ස් වලට පස්සේ නැවතුන පළමු තැන 'කුරැන්ඩා' කියන ගමේ. ' Great Dividing Range' කඳුවැටිය උඩ 'බැරන' ගඟ අසල පිහිටි මේ ගම්මානයේ ආදිවාසී 'ජැපුකායි' ජාතිකයෝ අවුරුදු 10,000ක් විතර ජීවත් වෙලා තිබුන බව සඳහන් වෙලා තියෙනවා. යුරෝපීය ජාතිකයෝ කුරැන්ඩා ගමට ඇවිත් තියෙන්නේ 1885. වැඩිපුරම සංචාරක කර්මාන්තයෙන් ආදායම ලබන මේ උෂ්ණ කලාපී ගම්නෙමාට කෑන්ස් සම්බන්ධ කරන දර්ශනීය දුම්රියක් සහ රැහැන් රියකුත් (cable car) දැන් තියෙන්වා.

කුරෑන්ඩා වලින් පිටත්වුන අපි කඳුවැටිය මත සානුවේ කෘෂි කාර්මික නගරයක් වන 'ඇතටන්' වෙත ගියා. 'පරණ' නගරයක් වුනත් ඇතටන් කෘෂි මෙන්ම පතල් කර්මාන්තයෙනුත් බලපෑම් ලබා ඇති බව පැහැදිලියි.

පැරණි හෝටලයක් පසුබිම් කරගත් මේ 'වාහනය' අග්නිමාණික්‍යය (ඕපල්) සාප්පුවකට සම්බන්ධයි.


පුරාණ උසාවි ගොඩනැගිල්ල (එකල්ති බූ ලෙසම)


ගුවන්‍ යාන 'ගාලක්' (hanger) දැන් රඟහලක් හැටියට ශේක්ස්පියර්ගේ නාට්‍ය රඟ දක්වනවා.

තව පැය දෙකක ගමනින් (මවුන්ට් ගානට් වල පොඩි නැවතීමක් හැර) අපි එදා දවසේ වැදගත්ම ආකර්ෂණය වෙත ලඟාවුනා. මගදී සුළං මෝල් කීපයක්ද දැකගන්න ලැබුනා.


නමුත් අපි බලන්න ආවේ අන්ඩාරා ලෝදිය බට (Undara Lava Tubes) නම් වැදගත් අතීත භූ විද්‍යා ස්වභාවික සිද්ධියයි.



ගිනි කන්දෙන් මීට අවුරුදු 195,000 විතර ඉස්සර ගලා ආ ලෝදිය පහත් නිම්නභූමි දිගේ සැතපුම් ගණනාවක් ගමන් කළා. සීත වාතය සමග ගැටීමෙන් ලෝදිය 'ගංගාවේ' මතුපිට ගල්වී ගියත් ඇතුල තවම දියාරු වුනා. කඳු බෑවුම නිසා ගල් නොවූ ලෝදිය ගලා යෑමෙන් හිස ලාවා 'බට' ඉතිරිවුනා. මේ බටයි දැන් පෙනෙන්න තියෙන්නේ.

https://en.wikipedia.org/wiki/Undara_Volcanic_National_Park 


ලෝදිය බට බිත්ති වල තැන්පත්වන ඛණිජ නිසා සමහර තැන්වල 'හොල්මන්' වැනි චායා සටහන් වෙලා තියෙනවා.



එතනින් කෙලින්ම මවුන්ට් සප්‍රයිස් වෙත රැ කෑම, නෑම, නින්ද! ආයෙ දවස් 13යි!


No comments:

Post a Comment