Monday, 13 June 2022

 දවස 00 - ආරම්භයක් (යම් කිසි)

ඊයේ අපි කෑන්ස් (Cairns) නගරයට ගුවනින් ආවේ හෙට උදේ ආරම්භවන 'ඔස්ට්‍රේලියාවේ දිගම කෙටිමග' නැමති ගමනට එක්වන්නයි. මීලඟ දව 14 අපි ඔස්ට්‍රේලියාවේ ඊශානෙන් පටන්ගෙන නිරිත දක්වා ගමන් කරනවා.


අද උදේ අපි කෑන්ස් නගරේ මුහුදුබඩ 'එස්ප්ලනාඩ්''දිගේ ඇවිදින්න ගියා. දවල් අපි ජෙනී (මාග්ගෙ අක්කා) එක්ක 'හොලොවේ බීච්' හි දවල්ට කෑවා. දිගටම අව්ව පායලා තිබුනා - බ්‍රිස්බන් තරම් සීතලත් නෑ. පිංතූර කීපෙකුත් ගත්තා.


අපි වැඩිය උදෙන් නොගියත් ඇවිදින්නෝ හිඟයක් තිබුනෙ නෑ.


උදෑසන හිරු (අපි වෙනුවෙන්) මුහුදේ දියමන්ති විසුරුවා තිබුනා.


සමහර නාකි ගස්වල ලපටි ගස් වැවෙන්න පටන්ගෙන වගේ.


ස්මහර නාකියන්ගෙ පාට තවම නැතිවෙලා නෑ!

මාග් සහ මමත් ඒ වර්ගයේ නාකියෝ කියලා අපි හිතන්නේ - බලමු ඊලඟ දවස් 14 ගෙවුනහම....


No comments:

Post a Comment