දවස 02 - මවුන්ට් සප්ර්යිස් - වින්ටන් [කි.මී. 630]
මවුන්ට් සප්‍රයිස් වල බෙඩ්රොක් විලේජ් (Bedrock Village) නවතින කාමරයි රෑ/උදේ කෑමයි නියමයි. මාර ගින්නකුත් තිබුනා රෑ ගිනි තපින්න.
උදේ 8.00ට හෝටලෙන් පිටත්වුනා. ටිකක් දිග ගමනක් නිසා මගදී නැවතුනේ දෙසැරයයි. පළමු නැවතුම්පොල වුනේ 'ඉත්තෑ දොරුව' (Porcupine Gorge). තවත් භූ විද්‍යාවට ලැදි අයට සිත් ගන්වන ගල් ගොඩක්! පහසුවෙන් සෝදායන වැලිගල් උඩින් තද බැසෝල්ට් තට්ටුවක් තැන්පත් වීම නිසා සෝදා පාළුවෙන් මේ ව්‍යූහය පෙන්නුම් කරනවා.
දවල් කෑමට කාලය ඇවිත් තිබුන නිසා අපේ නියමුවෝ, ජැසා සහ බාබරා, අපිට එතනම කෑම ලෑස්ති කළා. ඒ ලඟ ලස්සන ගස් වර්ගත් වලාකුලුත් බලාගන්න වෙලා තිබුනා.
දවල් කෑමෙන් පස්සේ අපි පරණ රන් ආකර නගරයක් වන 'හියුඑන්ඩන්' (Hughenden) නගරෙට ගියා. ඒකේ මහ වීදියෙම තිබුනා සුළං මෝල මගින් භූ ජලය ඇදගත හැටි පෙන්වන යාන්ත්‍රික උපකර්ණ. මෙ පලාතම Great Artesian Basin නැමති ජලධරයෙන් ලැබූ ජලයෙනුයි යැපුනේ.
ඒ නගරයේ අපි දුටු තවත් (සමහරුන්ට) වැදගත් අනික් දේ ගහක්. 'කූලබා' (Coolabah) හේතු දෙකක් නිසා වැදගත් - යුරෝපීය ගවේෂණ වලට වැදගත් ජලාශයන්ට ආසන්නව හැදෙන ගසක් වීමත් ඔස්ට්‍රේලියාවේ ප්‍රසිද්ධ සිංදුවක කොටසක් (බොහෝ අය රටේ නිල නොලත් ජාතික ගීය ලෙස සලකන Waltzing Matilda') වීමත්ය.
එතනින් කෙලිනිම වින්ටන් බලා පිටත්වුනා, කෝෆීල්ඩ් නැමැති ඉතා පොඩි ගමක ටිකක් නැවතිලා. [කෝෆීල්ඩ් කොච්චර පොඩිද කිව්වොත් ඒ ගමේ මිනිස්සුවත් ඒක ගැන අහලා නෑ]
අන්තිම කි.මී 215 නිකම්ම ගෙවිලා ගියා. වින්ටන් එනකොට 5.00යි. බීමක්, කෑමක්, නින්දක් ගැන හිතමිනුයි අපි හිටියේ.
No comments:
Post a Comment