දවස 09 - යුලාරා
අපෙ 'නැතිවූ ඔටුවා' ( The Lost Camel) නවාතැන යුලාරා ජනාවාසයේ මැද පිහිටි සැප පහසුකම් වලින් අඩුවක් නැති හෝටලයක්. යුලාරා ලොකු නගරයක් නෙවෙයි - ඉස්සර ඌලුරූ පර්වතය අවට තිබූ හෝටල් වැනි ව්‍යාපාරික ගොඩනැගිලි කි මී 25 දුරට ගෙනගියේ පර්වතයේ පාරම්පරික ආදිවාසී සංස්කෘතික සහ පරිසර ආශ්රිත තත්වයට හානි නොවෙන්නයි. අපේ හෝටලයට කිට්ටුවෙන් ඇති කුඩා කඳුගැටයට නැගීමෙන් මුළු යුලාරා 'නගරය' වගේම අලංකාර හිරු බැස්මකුත් දැකගන්න පුළුවන්. නමුත් අපි ඊටත් වඩා 'සම්ප්‍රදායික' ඌලුරූ හිරු බැස්මක් දකින බලාපොරොත්තුවෙන් හිටියේ.
උදේ කෑමෙන් පස්සේ දවසේ පළමු රාජකාරිය වුනේ ඌලුරූ පර්වතය අසල පිහිටි ඌලුරූ සංස්කෘතික මධ්‍යස්ථානය ( Uluru Cultural Centre) නැරඹීමයි. ඒ සීතල උදෑසන අපි සංස්කෘතික් මධ්‍යස්ථානය වටේ ඇවිද්දා. එදිනට යෙදී තිබුන දෙවෙනි කාර්ය වුනේ පර්වතය පාමුල ඇවිද බැලීමයි. ඒ නිසා අපි සංස්කෝකෘතික මධ්‍යස්ථානයෙන් කෝපි කෝප්පයකුත් බොන අපේක්ෂාවෙන් ඇවිද්දේ.
අපෙ අවාසනාවට එතන කඩ සාප්පු උදේ 10.00ට ඇරෙන්නේ - අපි වේලාසන වැඩියි! මම ඩ්‍රයිවර්ට ටෙලිෆෝන් කරලා පර්වතේ පාමුල නැරඹීම ඉදිරියට දාගන්න සමත්වුනා.
ඒ ගමන පිංතූර වලින්ම කිවයුතුයි.
හිරු එලියෙ පැහැපතුවූ පර්වතයත් අවට වැවෙන වියලි පැලෑටිත්...
වැහි වතුර ගලා ඒමෙන් දිරායන පර්වතයේ සෑදුන දිය පාරත් එතන පොකුණේ පෙන්වන පැහැදිලි පරාවර්තනයත් කැමරා ඇසට කලාතුරකින් ලැබෙන්නේ.
පර්වතයේ ස්වභාවයෙන් සෑදුන ගුහා වල ආදිවාසීන් ජීවත්වූ බවට සාධක තියෙනවා. විශේෂයෙන්ම ඔවුන් ඇඳි බිතු සිතුවම් අදත් දකින්න පුළුවන්.
සිතුවම්දි සහිත දිරා ගිය පර්වතය අසල මේ දිරා ගිය දෙන්නත් සමහරවිට දකින්න පුළුවන්.
අපි නැවතත් සංස්කෘතික මධ්‍යස්ථානයට ගියේ ආදිවාසී කලා භාණ්ඩ දැක ගන්නයි. ඉතාම සිත් ගන්නා කලා කෘති විශාල සංඛ්වයාවක් වගේම කල කෘති නිර්මාණය වන චිත්රාගාරත් මෙතන දැකගත හැකියි.
එතනින් කෝපි එකකුත් බීල ආපහු නවාතැනට ආවේ පැය කිහිපයක 'නිදහසක්' ලබමින්. නමුත් හවස හතරට ආයෙත් පිටත් වෙන්න තියෙනවා ඌලුරූ පර්වතය අසල හිරු බැස්ම නැරඹීමට!
අපි ඌලුරූ වලට බස් එකේ එක්ක ගියේ හිරු බසිනා වෙලාවේ එතන බීර/වයින් සහ සොසේජ් රෑ කෑමටත් ලෑස්ති වෙලා. ඌලුරූ හිරු බැස්ම ඇත්තම දකින්න වටිනවා (බීර ඇතුව හෝ නැතුව)
නැවත නැවත!
ඉරත් ඇත්තම බහිනවා!
ඊට පස්සේ තියෙන බම්බුවක් කාලා ඇවිත් නිදා ගන්නවා.
No comments:
Post a Comment