Friday, 17 June 2022

 

දවස 04 - වින්ටන් - බූලියා [කි. මී. 365]

වින්ටන් වල දෙවෙනි දවසේ හවස අපේ නියමුවෝ අපිව හිරු බැස යනවා බලන්න එක්ක ගියේ වයින්/බීර එහෙමත් අරගෙන. ඒක වින්ටන් දවස් දෙකට හොද නිමාවක් - හොඳ ජනප්‍රිය හෝටලයක රෑ කෑමත් ලෑස්තියි.

උදේ අටටත් ඉස්සර අපි පිටත්වුනේ බූලියා බලා. 

අපි යන පාර ක්වීන්ස්ලංතයේ වින්ටන් සිට බටහිර ඔස්ට්‍රේලියාවේ ලේවටන් නගරයට දුවන කි. මී. 2800ක් දිගයි. සිතියමත් සහිත මේ Outback Way නැමති පාර ගැන අටවා ඇති දැන්වීම් පුවරුව ඉදිරිපිට පින්ංතූර ගැනීම මගියන්ගේ පුරුද්දක්. අපෙ බස් එකේ 13 දෙනෙක් මේ පින්තුරේ ඉන්නවා - අඩු පින්තුරේ ගත්ත බාබරා පමණයි.

මේ පලාතේ වැඩිපුරම ඇත්තේ තෘණභූමි; පාර කෙලින්, සමහරවිට පටුයි. 



අපි දහය පහුවෙලා කෝපි එකක් බොන්න නැවැත්තුවේ මාර 'හෝටලේක'. මිඩ්ල්ටන් හොටේල් [Middleton Hotel] අයිති කුඩා දරුවෝ දෙදෙනෙක් ඉන්න පවුලකට. මහත්තයා ගොවිපොල දුවන අතර නෝනා කඩේ දුවනවා වගේම දරුවෝ දෙන්නගෙ ගුරුවරී ලෙස කටයුතු කරනවා. මේ කිට්ටුව ආයෙ කඩයක් එහෙම නැති නිසා මෙතන ඉන්ධන පටන් සියලු දෙයක්ම විකුනනවා. 

අපිට කෝපි හදන්න කේතලේ තබා කුස්සියේ තිබුන කේක් ගෙඩියක්ද ගෙනත් කපා දුන්නා.  කෝපි/කේක් වලින් ලැබෙන සල්ලි ඈ එකතු කළේ 'අහස් දොස්තර සේවයට' [Royal Flying Doctor Service] ආධාර පිනිසයි.





එතනින් පිටත්වෙලා අපි කෙලින්ම බූලියා වලට ගියා. බූලියා නගරයට ඇතුල්වෙන තැනම බර්ක් ගඟේ පාලම [Burke River Bridge] ලඟ නැවැත්තුවේ එහි ඇඳ තිබුන සිතුවම් වගයක් බලන්න. බර්ක් ගඟ ඒ සිතුවම් වලටත් වඩා දැකුම්කලුයි කියලා මට හිතුනා.




අපි අද රෑ නවතින්නෙ ඔස්ට්‍රේලියන් නැමති හෝටලේ. 




හෝටලේ ලඟත් ඇතිකරන සත්තු...

දවල් කෑමෙන් පස්සේ අපි දෙන්නා බූලියා සිරි නැරඹුවා (ඒකට වැඩි වෙලාවක් යන්නෙ නෑ). කඩ දෙක තුනකටත් ගියා. හැබැයි අපි දැකපු අමුතුම ස්මාරකය මේකයි.


අද රෑ කෑම හෝටලේමයි. හෙට ටිකක් උදෙන් පිටත්වෙනවා ඇලිස් ස්ප්‍රිංස් දක්වා දුර ගමනට.

No comments:

Post a Comment