දවස 07 - ඇලිස් ස්ප්‍රිංස්
ඇලිස් ස්ප්‍රිංස් වල අපෙ දෙවෙනි දවස අවසන්වුනේ මාර කුරුළු දක්ෂතා පෙන්වීමකින්.
ඊයේ මගෙ උපන්දින රෑ කෑමට තායිලංත ආපනශාලාවේ ඉඩ නොතිබුනත් (රෑ 9.00 තමා ඉඩ තියෙනවා කිව්වේ) එතනට ටිකක් එහා තිබුන පබ් එකේ හොඳ කෑම බීම ලැබුනා. ආපහු පයින් ආවේ තායි ආපනශාලාව පහුකරගෙන 8.30ටත් ඉස්සර!
අපි උදේ ටොඩ් ගඟ දිගේ ඇලිස් ස්ප්‍රිංස් නගරයට ගියා. මේ මාර ලස්සන ගඟේ වතුර නෑ - වැලි විතරයි! ඉඳලා හිටලා වැටෙන මහ වැසි වලට පස්සේ විතරයි මේ ගඟේ වතුර ගලන්නේ. Red River Gums නැමති ලස්සන විශාල ගස් පිරිලා.
මෙහෙ මිනිස්සු මේ පලාතට හරිම කැමතියි - ආධිවාසියෝ මේ ගඟේ අවුරුද්දේ හැමදාම ජීවත් වෙනවා, පොඩි තාවකාලික 'ගෙවල්' හදාගෙන. මෙ 'ගෙවල්' අතු හරි ප්ලාස්ටික් ශීට් වලින් අටවපු පැලවල්.
මේ ගඟේ 'බෝට්ටු රේස් එහෙමත් තියෙනවා. වතුර නැති නිසා මේ 'බෝට්ටු' වල පතුලක් නෑ - මිනිස්සු මැදින් හිටගෙන 'බෝට්ටුව' උස්සාගෙන වැල්ලේ දුවනවා!
දවල් දෙකට විතර 'කාන්තාර උයනකට' (Alice Springs Desert Park). කාන්තාර ගස්වැල්, සත්තු සර්පයෝ එහෙම ඉතා ප්‍රවේසමෙන් රැකබලා ගන්නවා. කාන්තාර ගස්වැල් අතර ඊමියු, කැන්ගරූ වැනි සත්තු උන්ගේ ස්වභාවික වාසස්ථානයේ ජීවත්වෙන්නේ. කුරුළෝ, සර්පයෝ, මීයෝ වගේ සත්තු ගණනාවක් මෙහෙ ඉන්නවා.
කුරුල්ලෝ 'ශිල්ප දක්වනවා' දැක්කේ දවසේ උසස්ම දර්නශය ලෙස. මෙහිදී සංදර්ශනය මෙහෙයවන්නාගේ අනින් කැලේ කුරුල්ලෝ එක එකා කරලියට ආවා. ආ කුරුල්ලන් අතරට අයිති වුන මැග්පයි වගේ නෙවෙයි කර්ලියු (curlew) කුරුල්ලා මෙහෙයවන්නා දෙන කෑම ඇහිඳිමින් එයා පිටිපසින් ඇවිද්දේ.
හැම අතින්ම හොඳ දවසක්.
No comments:
Post a Comment